දකුණු චීන මුහුදේ විවාදයට තුඩුදී ඇති දූපත්වල චීන හමුදා යෙදවීම අසල්වාසීන් තැතිගන්වන ක්‍රියාවක් බවට ඇමෙරිකාව සිදුකර ඇත්තේ වගකීමෙන් තොර ප්‍රකාශයක් යැයි චීනය අවධාරණය කරයි.
චීනයේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු කියා සිටියේ ඔවුන්ට තම කලාපයට අයත් ඕනෑම ස්ථානයක හමුදා සහ අවිආයුද යෙදවීමේ හැකියාවක් පවතින බවයි.
ඇමෙරිකනු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මෙම අදහස් පළ කර තිබුණු අතර, බීජිං පාලනයේ ක්‍රියා කලාපය ඔවුන්ගේ දේශසීමා ඉලක්ක සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරවන්නක් බවද හෙතෙම සඳහන් කර තිබුණි.
මෙම මුහුදු කලාපයේ අයිතිය දිනාගැනීම සඳහා රාජ්‍යයන් 6ක් උත්සාහ කරමින් සිටියත්, චීනය ඔවුන්ගේ දූපත් නිර්මාණය කරමින් තම හමුදා යෙදවීම් සුපුරුදු පරිදි සිදුකරමින් පවතින බව සඳහන් වෙයි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සමුළුවකදී මෙම අදහස් පළ කර තිබුණි.