ලෝකයේ විශාලතම ගුවන්විදුලි තරංග දුරේක්ෂය ඉදිකිරීම වෙනුවෙන් ඒ ආසන්නයේ ජීවත් වූ 10,000ක පමණ ජනතාවක් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිරිතදිග චීනයේ, ගුයිස්හොවු පළාතේ වැසියන් මෙසේ ඉවත් කර ඇත්තේ, මෙම දුරේක්ෂය ආශ්රිත විද්‍යුත් චුම්භකත්වයට ඔවුන් ගොදුරුවන නිසාය.
මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා චීන මාධ්‍යයට පවසා සිටියේ, පිටසක්වල බුද්ධිමත් ජීවින් පිළිබඳ තොරතුරු සොයාගැනීමේ අරමුණින් මෙම දුරේක්ෂය ස්ථාපිත කළ බවයි.
මෙම දුරේක්ෂය ඉදිකිරීමත් සමග මේ වනවිට පෝටෝ රීකෝ නුවර පිහිටි ලොව විශාලතම ගුවන්විදුලි තරග දුරේක්ෂය අඟුටු මිට්ටෙකු වනු ඇති බවද කියැවෙයි.