ඇ.ඩො.බිලියන 46ක දැවැන්ත ආයෝජන ව්‍යාපෘතීන්ද රැගෙන චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඓතිහාසික පාකිස්තාන සංචාරය ආරම්භ කළේය.
චීන - පාකිස්තාන ආර්ථික ආලින්දය හෙවත් දෙරට අතර සම්බන්ධ කෙරෙන මාර්ග පද්ධතියක්, දුම්රිය මාර්ග පද්දතියක් හා නල මාර්ගයක් මෙම ආයෝජනයන්ට අයත් බව කියැවෙයි.
කිලෝ මීටර් 3,000ක් දිගට දිවෙන මෙම ආලින්දය පාකිස්තානයේ ග්වාදර් සිට බටහිර චීනයේ ෂින්ජියෑන්ග් කලාපය වෙත දිවෙයි.
මෙම ව්‍යාපෘතියත් සමග චීනයට සෘජුවම ඉන්දියානු සාගරයට හා ඉන් ඔබ්බට ඉතා පහසුවෙන් පිවිසීමේ ඉඩහසර වෙන් වෙයි.
මධ්‍යම හා දකුණු ආසියාව තුළ චීන ආර්ථික ආධිපත්‍ය පැතිරවීමේ ප්රමුඛ වැඩපිළිවෙළක් ලෙස මෙය සැලකෙන අතර, මෙය ඇමෙරිකාව විසින් පාකිස්තානය තුළ සිදුකරන ආයෝජනයන් දැවැන්ත ලෙස අභිභවා යන ආයෝජනයන් බවද කියැවෙයි.