ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම කෘමිනාශක හා බීජ නිෂ්පාදන සමාගමක් වන Syngenta වෙනුවෙන් ඇ.ඩො.බිලියන 43ක ලන්සුවක් තැබීමට චීන රජයට අයත් ChemChina සමාගම කටයුතු කර තිබේ.
මෙම ලන්සුව අනුව අදාළ ගනුදෙනුව සිදුවුවහොත් චීන සමාගමක් විසින් විදේශයකදී සිදුකරන ලද දැවැන්තම අත්පත් කරගැනීම ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.
පසුගිය වසරේදී ඇමෙරිකාවේ ප්‍රමුඛතම කෘෂි නිෂ්පාදන සමාගමක් වූ Monsanto මෙය මිලදී ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වූ අතර, මෙම චීන ගනුදෙනුව තුළ ඇමෙරිකාවද දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
චීන රජයට අයත් ChemChina රසායනික ද්‍රව්‍ය සමාගම කෘෂි කර්මාන්තයටද අත තබමින් මෙම ගිවිසුම්ගත වීමට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.