චීන ගුවන් යානයකදී ගුවන් සේවිකාවන්ගේ උදව් ඇතිව තායිවාන මවකට සිදුවූ දරු ප්‍රසූතියක් සම්බන්ධයෙන් තායිවානය නොරිස්සුම් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වීඩියෝව සමාජජාලවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන් හි පවා අතිශය සංවේදී වීඩියෝවක් බවට පත්වූ අතර, විශාල පිරිසක් එය නරඹා තිබුණි.
එම මව තායිවානයේ තායිපේ සිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බලා පියාසර කරන අතරතුර පසුගිය ඔක්තෝබර් 07 වැනිදා මෙම දරු ප්‍රසූතිය සිදුවූ අතර, එහිදී, යානයේ සිටි වෛද්‍යවරයෙකුගේද සහාය ඇතිව ගුවන් සේවිකාවන් එම මවට දරු ප්‍රසූතිය සඳහා උදව් කළහ.
කෙසේ වෙතත්, තායි දේශපාලඥයන් පවා මෙය විවේචනය කළ අතර, දරු ප්‍රසූතියට සූදානම් මවක් යානයට ගොඩවීම සම්බන්ධයෙන් ඔවුන් චෝදනා කළේය.
මෙය චීන යානයක සිදුවීම තායිවානයට නොරිස්සුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.