නැගෙනහිර චීන මුහුදේදී අනතුරට පත්ව ගිනි ගැනීමට ලක්වූ ඉරාන ඉන්ධන ප්රවාහන නෞකාවෙන් මුහුදට විසිරෙන ඉන්ධන ඉවත් කිරීම සඳහා චීන නෞකා දැඩි පරිශ්රමයක් දරන බව විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් වර්ග කිලෝමීටර් 120ක විසිරුණු තෙල් තට්ටුවක් මුහුදු ජලයේ පාවෙමින් පවතින බව විශ්වාස කෙරෙයි.
මෙම ඉන්ධන ප්රවාහන නෞකාවේ අති සැහැල්ලු බොරතෙල් ටොන් 136,000ක් පැවතී ඇති අතර, අනතුරත් සමග විසිරුණු ඉන්ධන මෙන්ම මෙම අති සැහැල්ලු තෙල් හේතුවෙන් සාගර ජීවීන්ට හානි සිදුවනු ඇති බව සඳහන්ය.
අනතුරටත් පත් මෙම තෙල් නැව ගිනි ගැනීමෙන් පසුව එය සතියක පමණ කාලයක් ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් විය.
මෙම අනතුරින් එහි ගමන් කළ සියලු නාවිකයන් ජීවිතක්ෂයට පත්වූහ.