චීනයේ උතුරුදිග ටියෑන්ජින් වරාය නගරයේ ඇති වූ පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස 700 දක්වා ඉහළ ගොස් තිබේ.
රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමකින් මියගිය පිරිස 50ක් වන අතර, බරපතල තත්ත්වයේ පසුවන්නන් පිළිබඳවද චීන මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමත් සමග ඒ අසල තිබූ දැවැන්ත මෝටර් රථ අංගනයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගිනිනිවන හමුදාව පවසන්නේ පිපිරීමෙන් තම සාමාජිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි. එමෙන්ම, තවත් භටයන් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බවද ඔවුන් කියයි.
ටියෑන්ජින් යනු චීනයේ වඩාත් ප්‍රකට කර්මාන්ත මධ්‍යස්ථානයක් වන අතර, එය ලොව අතිශය කාර්යබහුලම වරාය නගරයක්ද වෙයි.
චීන ජනපති ෂී ජින්පින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අවධාරණය කර තිබේ.
දැවැන්ත පිපිරීමත් සමග ඇති වූ ගිනි ජාලාව අභ්‍යවකාශයට පවා දර්ශනය වී තිබේ.