උතුරුදිග චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ පිහි ඇණුම හේතුවෙන් සිදුවූ ජීවිත හානි මේ වනවිට 09 දක්වා ඉහළ ගොස්, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 10ක් ලෙස වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙම පාසලේම ඉගෙනුම ලැබූ ආදි සිසුවෙකු වන අතර, එකල පාසල තුළ නිරන්තරව උසුළු විසුළුවලට ලක්වූ සිසුවෙකු ලෙසද හැඳින ගෙන තිබේ.
ඔහු එදා ඒ සිදුවීම් සිත්හි දරාගෙන සිට පලිගැනීමක් ලෙස මෙම ප්රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වෙයි.
ශාන්ෂි පළාතේ, මිසායි නගරයේ පාසලක් අසල මෙම ප්රහාරය එල්ල වී ඇති අතර, පාසල නිමවී සිසුන් නිවෙස් බලා යෑමට පැමිණි මොහොතේ ඔහු මෙම ම්ලේච්ඡ පිහි ඇනුම සිදුකර ඇත.
28 හැවිරිදි වියේ පසුවන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය පවසයි.