චීනය සහ දකුණු චීන මුහුදේ වූ තවත් රාජ්‍යයන් දෙකක් විසින් අයිතිවාසිකම් කියනු ලබන දූපතකට නාවික සැතපුම් 12ක් ඔබ්බෙන් ඇමෙරිකානු යුද නෞකාවක් ගමන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම මුහුදු කලාපයේ යාත්‍රා කිරීමේ නිදහස පෙන්වීමේ උත්සාහයක් ලෙස මෙම ගමන සිදුකළ බව පෙන්ටගනය පැවසුවත්, මින් බීජිං පාලනය දැඩි කෝපයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
දකුණු චීන මුහුදෙන් විශාල කොටසක අයිතිය චීනය විසින් තහවුරු කරන අතර, මෙම කලාපය වසරකට ඇ.ඩො.ට්‍රිලියන 5ක් ඉක්මවූ වෙළෙඳ කටයුතු සිදුකෙරෙන මුහුදු වෙළෙඳ මාර්ගයක් ලෙසද සැලකෙයි.
පෙන්ටගනය පෙන්වාදෙන පරිදි මිසයිල නාශක ප්‍රහාරක යාත්‍රාවක් වන යූ.එස්.එස්. කර්ටීස් විල්බර් නෞකාව මෙම මුහුදු කලාපයේ ගමන් කර ඇත.