චීනයේ බටහිර ෂින්ජියෑන්ග් පළාතේ දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට රජයේ මාධ්‍ය පවසා සිටියි.
උර්මිකි දකුණු දුම්රිය ස්ථානයේදී මෙම පිපිරීම සිදුව තිබෙන්නේ බදාදා (30දා) සවස් කාලයේදීය.
පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් නොලැබුණත්, මේ හේතුවෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගිය මාස කිහිපය පුරා ෂින්ජියෑන්ග් පළාතෙන් ප්‍රචණ්ඩක්‍රියා වාර්තා විය.
චීන ජනාධිපති ෂි ජින්පින්ග් ද පසුගියදා මෙම කලාපයේ සංචාරයක නිරත වූ අතර, එහි ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ඇරඹීමට ප්‍රතිඥාවක්ද ලබාදුන්නේය.