ඇමෙරිකාව විසින් තායිවානය වෙත යුද නෞකා දෙකක් අලෙවි කිරීමේ පුවත සැලවීමත් සමග චීනය විසින් ඇමෙරිකාවේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
එහිදී, චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෙන්ග් සෙගුආන්ග් ඇමෙරිකාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමග මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම අවි ආයුද ගනුදෙනුව ඇ.ඩො.බිලියන 1.83ක ගනුදෙනුවක් බවත්, චීනය දකුණුදිග චීන මුහුදේ දූපතක් ගොඩනගමින් සිටින අවස්ථාවේදී මෙය සිදුවීම චීනයේ උදහසට ලක්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මේ අතර, තමන් වෙත යුධෝපකරණ ලබාදීම සම්බන්ධයෙන් තායිවානය විසින් ඇමෙරිකාවට සිය කෘතඥතාව දක්වා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.