විවාදයට තුඩු දී ඇති දකුණුදිග චීන මුහුදේ චීනය විසින් ඉදිකරමින් සිටින කෘත්‍රිම දිවයින ආසන්නයෙන් ඇමෙරිකානු යුද නෞකාවක් ගමන් කර තිබේ.
ප්‍රති මිසයිල යුද නෞකාවක් ලෙස සැලකෙන යූ.එස්.එස්. ලස්සෙන් නෞකාව මෙසේ කෘත්‍රිම දිවයින පසුකර ගමන් කර ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකාව විසින් සිදුකර ඇති මෙම සංචාරය නීතිවිරෝධී එකක් බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ මෙය චීනයේ ස්වෛරීත්වයට බලපෑමක් බවයි.
එමෙන්ම, ඉදිරියේදී මෙවැනි නීති විරෝධී කටයුත්තක යෙදෙන ඕනෑම රටකට එරෙහිව ක්‍රියාත්මක වීමට ඇමෙරිකාවට පසුබට නොවන බවද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.