දුර්වල වෙමින් පවතින ආර්ථික සංවර්ධන වේගය යළි ඉහළ නැංවීමේ පියවරක් ලෙස චීන මධ්‍යම බැංකුව එරට ප්‍රධාන පොලී අනුපාත අඩුකර තිබේ.
ඒ අනුව, ණය පොලී අනුපාතය 0.25% කින් අඩුකර එය 4.35 %ක් බවට පත් කිරීමට චීන මධ්‍යම බැංකුව කටයුතු කර ඇත.
චීන ආර්ථිකය පණ ගැන්වීමේ අරමුණින් වසරක් තුළ ණය පොලී අනුපාත සංශෝධනය කළ හය වැනි අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
මීට අමතරව, ණය සැපයුම පහසු කරමින් බැංකුවල පවත්වා ගෙන යනු ලබන මූල්‍ය සංචිත ප්‍රමාණයද අඩු කිරීමට චීන මධ්‍යම බැංකුව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.