චිලී ජනාධිපතිවරයාගේ ලේලිය සම්බන්ධ බදු වංචාවක් හේතුවෙන් ඇයට රටින් පිට නොවන ලෙස එරට අධිකරණය නියෝග කර තිබේ.
මේ තත්ත්වයත් සමග චිලී ජනාධිපති මිෂෙල් බැෂෙලේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙම සිදුවීම තමා වෙත දැඩිව බලපා ඇති බවයි.
සිය වත්කම් දැක්වීමට සාවද්‍ය බදු වාර්තා ඉදිරිපත් කිරීම ජනාධිපති ලේලියට එල්ල වී ඇති චෝදනාවයි.