චිලියේ කැල්බුකෝ ගිනිකන්ද දෙවරක් පිපිරී යාමෙන් අනතුරුව පොළොවට පතිත වූ ටොන් ගණනක් වූ අළු දූවිලිවලින් තම නිවෙස් හා දේපොළ ආරක්ෂා කර ගැනීමට ගිනිකන්ද අවට ජනතාව කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.
එම අළු තට්ටුවල බරට බොහෝ නිවාසවල වහල කැඩී යාමේ අවදානමක් පවතින අතර, ඒ නිසා ඔවුන්ගේ හරකාබානගේ ජීවිතද අවදානමකට ලක්ව ඇති බව අවට ගම්වාසීහු පවසති.
කෙසේ වෙතත්, චිලී ආරක්ෂක අංශ අළු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන බව අතර, සක්රීය මට්ටමේ පවතින ගිනිකන්ද නැවත වරක් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.