දකුණුදිග චිලියේ පිහිටි කැල්බුකෝ ගිනිකන්ද දශක කිහිපයකට පසු දෙවරක් විදාරණය වූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම පිපිරීමත් සමග කිලෝමීටර් කිහිපයක් උසට ලාවා සහ අළු අහසට විදින ආකාරය දැකගත හැකිවූ බවද පැවසෙයි.
මෙම පිපිරීමත් සමග ගිනිකන්දේ සිට කිලෝමීටර් 20ක් දුරට සිටි 4,000ක පමණ පිරිසක් වහාම ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
කැල්බුකෝ ගිනිකන්ද චිලියේ පිහිටි වඩාත් සක්රීයම ගිනිකන්දක් වුවත්, එය මෙසේ හදිසියේ විදාරණය වීම බලධාරීන්ද විමතියට පත්කර තිබේ.