චිලී රාජ්‍ය වෙත පසුගිය සතියේ බලපෑ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය තවදුරටත් වැඩිවිය හැකි බව එරට බලධාරීහු පවසති..
ලෝකයේ ඉහළම වියළි කාලගුණයක් පවතින ප්‍රදේශයක් ලෙස සැලකෙන ඇටකාමා ප්‍රදේශය වෙත දැඩිව බලපෑ ගංවතුර තත්ත්වය හා නායයෑම් හේතුවෙන් මේ වනවිටත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් වීම තුළ මෙම අවදානම ඇති වී තිබේ.
චිලී හදිසි ආපදා සේවා පෙන්වා දෙන්නේ ගංවතුරින් දිවිගලවා ගත් 2,700කට මේ වනවිට උන්හිටි තැන් අහිමි වී ඇති බවයි.
නායයෑම් සමග මඩ යට සැඟවී ගිය ජීවිත සෙවීම සඳහා පොලිස් සුනඛයන් යොදවා ඇති බවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත් එරට බලධාරීහු වැඩිදුරටත් පවසති.