දැඩි වර්ෂාපතනය හා නායයෑම් හේතුවෙන් චිලියේ, අගනගරය වන සැන්තියාගෝ නගරය වෙත ජලය සැපයෙන් ප්රධාන ගංගාවේ ජලය අපවිත්ර වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ මිලියන හතරක පමණ ජනතාවගේ පානීය ජලය කපා දැමීමට සිදුවන බවත්, මයිපෝ ගංගාවේ පිටාර ජලය අඩුවන තුරු නගරයේ බොහෝ ප්රදේශ වෙත ජල සැපයුම අතිහිටුවන බවත් බලධාරීහු පවසති.
පවතින අධික වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පාලම් රැසක් මහා ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මේ අතර, කජෝන් ඩෙල් මයිපෝ කඳුකර ප්රදේශවල සිටින පුද්ගලයන් 400කට පමණ ගංවතුරට හා නායයෑම්වලට කොටුවී සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.