ඝානාවේ පැවති අතිශය තියුණු මැතිවරණයකින් පසුව එරට විපක්ෂ නායක නානා අකුෆෝ-අඩ්ඩෝ ජයග්‍රහණය ලබා තිබේ.
එරට මැතිවරණ කොමිසම විසින් අවසන් ප්‍රතිඵලය නිකුත්වීමත් සමග ඝානාවේ වත්මන් ජනපති හා මැතිවරණයට තරග කළ ජෝන් මහාමා විසින් සිය පරාජය බාරගෙන තිබේ.
ජයග්‍රහනය ලැබූ අකුෆෝ-අඩාඩෝ විසින් ඝානාව තුළ නිදහස් උසස් අධ්‍යාපනයක් සඳහා පොරොන්දු ලබාදුන් අතර, රැකියා ඇති කිරීම සඳහා කර්මාන්ත ශාලා රැසක් රට තුළ ස්ථාපිත කරන බව කීය.
කෙසේ වෙතත්, ඔහුගේ මැතිවරණ පොරොන්දු ඉටුකළ හැකි ඒවාදැයි ප්‍රශ්න කෙරුණද, ජනතාව ඔහු වෙනුවෙන් විශ්වාසය තබමින් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, අඩාඩෝගේ ජයග්රහණනේ පසුව ඝානාවේ, අක්රා නගරයේ ජනතාව වීදි බැස ජයග්‍රහනයේ සතුට බුක්ති විඳි ආකාරයද විදෙස් වාර්තාවලින් දැකගත හැකිවිය.
වර්ෂ 1992 දී එරට පැවති හමුදා පාලනය ඉවත්වීමත් සමග ඝානාව තුළ බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක වන අතර, මෙවර මැතිවරණයද එරට දේශපාලන බල හුවමාරුව වඩාත් සාමකාමීව සිදුවන අවස්ථාවක් වීම සුවිශේෂී තත්ත්වයක් බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.