ඝානාවේ අක්රා අගනුවර පිහිටි තෙල් පිරවුම්හලක සිදුවූ ගිනිගැනීමකින් පුද්ගලයන් 90කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
දින දෙකක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් උන්හිටි තැන් අහිමිව අක්රා වැසියන් අසරණව සිටි මොහොතක සිදුවූ මේ සිදුවීම ඔවුන් කබලෙන් ලිපට වැටීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එහිදී, ගංවතුර තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ සහන කණ්ඩායම්වලට ගින්න පාලනය කිරීම අතිශය අසීරු වී තිබේ.
එරට බලධාරීන් පවසන්නේ ගින්නෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව විශ්වාස කරන බවයි.