මීට වසරකට පෙර ඉන්දියාවේදී එල්ලා ඝාතනය කෙරුණු තරුණියන් දෙදෙනා මිනීමැරුමකට හෝ සමූහ දූෂණයකට ලක් නොමැති බවට එරට ෆෙඩරල් පොලීසිය විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව අධිකරණය ඉවතදමා තිබේ.
මෙම තරුණියන් දෙදෙනොගෙන් කෙනෙකු තරුණයෙකු සමග සිටින ආකාරය හසුවීමෙන් පසුව ඇති වූ ලැජ්ජාව හේතුවෙන් මොවුන් දෙදෙනා සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් වාර්තාවේ දැක්වුණි.
නමුත්, මෙම තරුණියන්ගේ දෙමවුපියන් පවසන්නේ ෆෙඩරල් පොලීසිය හිතාමතා සිද්ධිය යට ගැසීමට කටයුතු කරන බවයි.
වයස අවුරුදු 14 හා 15 යන වයස්වල කුලහීන පවුලක දැරියන් වූ මොවුන්, එම ගම්මානයේම කුලීන පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කොට මරා දමා තිබුණේ 2014 මැයි 28 වැනිදාය.
ඔවුන්ගේ සිරුරු අඹ ගසක එල්ලෙමින් තිබියදී හමුවූ අතර, මරණ පරීක්ෂණයේදී පවා මොවුන් ලිංගික හිංසනයකට ලක්ව ඇති බව ඔප්පු විය.