ගෝතමාලාවේ අගනගරය වන ගෝතමාලා සිටි හි ළමා නිවාසයක සිදුවූ ගින්නකින් දරුවන් 19කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම හදිසි අනතුර හේතුවෙන් තවත් 25කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ග්වෝතමාලා සිටි බලධාරීහු පවසති.
එනමුදු, පසුගිය අඟහරුවාදා මෙම ළමා නිවාසයේ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් වී ඇති අතර, ළමා නිවාසයෙන් දරුවන් 60ක් පමණ පැනගොස් ඇති බව අනාවරණය වී තිබේ. එමෙන්ම, තවත් පිරිසක් චෝදනා කර ඇත්තේ ඔවුන්ව විවිධ ආකාරයේ තාඩන පීඩනවලට ලක්කරන බවයි.
මේ අතර, ගින්න ඇතිවීමට පෙර ඉන් පැනගිය දරුවන් පවසා ඇත්තේ තමන්ට ප්රමාණවත් පහසුකමක් නොලැබෙන නිසා ළමා නිවාසය හැරගිය බවයි.