ගෝතමාලාවේ ෆ්යුගෝ ගිනි කන්ද විදාරණයට ලක්වීම හේතුවෙන් පුද්ගලයන් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 192 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය ඉරිදා දිනයේදී හදිසියේම මෙම ගිනි කන්ද විදාරණය වූ අතර, පහත් බිම්වල පිහිටි ගම්මාන රැසක් යමහල් අළු සහ මඩවලින් වැසී ගොස් තිබුණි.
අඟහරුවාදා දිනය වනවිට සෝදිසි මෙහෙයුම්වලින් මියගිය පිරිස් යම් ප්රමාණයක් සොයාගැනීමට හැකි වුවත්, එදින යළිත් කන්ද පිපිරීමට ලක්වීම හේතුවෙන් සෝදිසි මෙහෙයුම් අත්හැරීමට සිදුවිය.
මෙම ගිනි කඳු විදාරණය මිලියන 1.7ක් පමණ ජනතාවට බලපෑමක් එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් 3,000ක පමණ පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ගිනිකඳු පිළිබඳ විශේෂඥ මතයට අනුව පසුගිය ඉරිදා සිදුවූ විදාරණයේදී කිලෝමීටර් 10ක් පමණ අහසට යමහල් අළු විසිරී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළද යළි පිපිරීම් කිහිපයක් ඇතිවිය හැකි බවට විශ්විස කෙරෙයි.