ගෙල වැලලා ගැනීමේ රංගන අවස්ථාවක වේදිකාව මත රඟ දැක්වීමට ගොස්, එම රංගනයේ යෙදුණු ඉතාලි ජාතික රංග ශිල්පියා හුස්ම හිරවීම හේතුවෙන් කෝමා තත්ත්වයකට පත්ව තිබේ.
විදෙස් වාර්තා පවසන පරිදි, 27 හැවිරිදි රෆායල් ෂූමාකර් නමැති මෙම රංග ශිල්පියා වේදිකාව මත එම රංගනයේ යෙදෙන විට, සැබෑ ලෙසම ඔහුගේ ගෙල සිරවී ඇති බව වැටහී ඇත්තේ එම රංග ශාලාවේ සිටි නරඹන්නෙකුටය.
වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඇය තවත් නරඹන්නෙකු සමග වහාම වේදිකාවට දිවගොස් එම තැනැන්තාගේ තොණ්ඩුව ගලවමින් වහාම ඔහු රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉතාලී පොලීසිය පවසන්නේ මෙම රංගන ශිල්පියා මේ වනවිට කෝමා තත්ත්වයකින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බවයි.