විශාල බැලූන යොදාගෙන අන්තර්ජාල පහසුකම් සැපයීමේ අරමුණින් වසර ගණනක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ගූගල් ලූන් ව්‍යාපෘතියේ හරහා ග්‍රාමීය ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම් සැපයීමේ කාලය දැන් උදාවී ඇති බව ගූගල් පර්යේෂකයෝ පවසති.
ගූගල් සමාගමේ ද ප්‍රොජෙක්ට් ලූන් පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මේ ව්‍යාපෘතිය ඔස්සේ මේ වනවිටත් කාලගුණික තොරතුරු පුරෝකථනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
එනම්, මේ වනවිට ගූගල් ලූන් කණ්ඩායමට මෙම බැලූන පාලනය සම්බන්ධයෙන් වඩා හොඳ හැකියාවක් මෙන්ම, ලොව වටා යාත්‍රා කිරීමට වඩා ඒවා ස්ථානගත කළ යුතු නිවැරදි කලාප පිළිබඳව හොඳ අවබෝධයක් ලැබී ඇති බවද ඔවුහු පවසති.
එහිදී, අදාළ බැලූන ප්‍රමාණය අඩු කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා යන වියදම බොහෝ සෙයින් අඩුකර ගත හැකි බවද පර්යේෂකයෝ පවසති.
එනම්, මීට පෙර බැලූන සිය ගණනකින් කළ යුතු කාර්යය බැලූන 10 - 30 ක් අතර ප්‍රමාණයක් ස්ථාන ගත කරමින් ලෝකයේ නිශ්චිත කලාපයකට අන්තර්ජාල පහසුකම් සැපයීමේ හැකියාවක් ලැබෙනු ඇති බවද ඔවුහු පවසති.
ඒ අනුව, ඉදිරි මාස කිහිපය තුළ ලොව පුරා අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව නොලබන ග්‍රාමීය පළාත්වල පිරිස් වෙත අන්ර්ජාල පහසුකම් බුක්ති විඳීමේ අවස්ථාව ලැබෙනු ඇති බවද ගූගල් ලූන් පර්යේෂකයෝ පවසති. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආරම්භක පියවරේදී අන්තර්ජාල පහසුකම් ලැබෙන මෙම ග්‍රාමීය කලාප කවර රටවල් ඇසුරු කරන්නේද යන්න මෙහිදී ඔවුන් ප්‍රකාශ කර නැත.
ශ්‍රී ලංකාවේද ගූගල් ලූන් ව්‍යාපෘතියක් පිළිබඳව බොහෝ කතාබහ ඇති වුවද, එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව හැර යන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.