ගුවන් මගීන් පරීක්ෂා කොට ඇතුළු කිරීමේ පරිගණක පද්ධතියක් හදිසියේ අක්රීය වීම හේතුවෙන් ලොව ප්රමුඛතම ගුවන්තොටු පොළ රැසක මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝකයේ ගුවන් සේවා 125කට වැඩි ප්රමාණයක් භාවිත කරන පරිගණක පද්ධතියක මෙම දෝෂය හටගැනීම නිසා ගුවන් ලන්ඩනයේ හීතෘ සහ ගැට්වික් යන ගුවන් තොටුපොළ, පැරීසියේ චාර්ල්ස් ඩි ගුවෙල්ලේ, වොෂිංටන් ඩීසී, බෝල්ටිමෝර්, මෙල්බර්න් මෙන්ම, සිංගප්පූරුවේ චැන්ගී යන ගුවන් තොටුපොළවල මගීන් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකිය හැකි විය.
ඇම්ඩියස් ඇල්ටී සමාගම විසින් පවත්වාගෙන යන මෙම පරිගණක පද්ධතිය ක්රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමට ඔවුන් සමත් වුවත්, මෙම පද්ධති බිඳ වැටීම පිටුපස හැකර් ප්රහාරයක් පවතින්නේද යන්න ගැන පැවසීමට ඔවුන් කටයුතු නොකළේය.