සැකකටයුතු පාර්සලයක් හේතුවෙන් ඇමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපොළේ මගීන් ඉවත් කිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම පාර්සලය පරීක්ෂා කිරීමෙන් පසුව යළි එහි ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ අතර, ඩෙන්වර් ගුවන් තෙටුපොළේ කොටසක්ද ඊයේ දිනයේදී හදිසියේ මගීන් ඉවත් කිරීමක් සිදුව තිබේ.
බ්රසල්ස් ත්රස්ත ප්රහාරයෙන් පසුව මේ වනවිට බටහිර හා යුරෝපා කලාපයේ බොහෝ රටවල ගුවන් හා උමං දුම්රිය පද්ධතිවල ආරක්ෂාව තර කර ඇති අතර, බොහෝ රටවල් සිය ත්රස්ත අවදානම ඉහළ දමා තිබේ.