ගිනි අවියක් අත දරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ ඇමෙරිකානු තරුණයෙකු අත්වැරැද්දකින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
19 හැවිරිදි මෙම තරුණයා ඩීලිඔන් අලොන්සෝ ස්මිත් ලෙස හඳුනාගෙන ඇති අතර, ගිනි අවිය ක්‍රියාත්මක වීම නිසා ඔහුගේ උගුර තුවාල වී සිදුවූ රුධිර වහනයෙන් මෙම මරණය සිදුව ඇති බව පොලීසිය කියයි.
ගිනි අවි සාමාන්‍ය ජනතාව අතට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
විශේෂයෙන් පසුගිය කාලයේ පාසල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදුවූ සමූල ඝාතන රැසකට මුල එරට තුළ නිදහසේ ගිනි අවි පාවිච්චිට තිබූ අවසරය බවට චෝදනා නැගුණි.
එමෙන්ම, සෙල්ෆී උන්මාදයද ඇතැම් පුද්ගලයන් අවදානමට ලක්වූ අවස්ථා ගැන මීට පෙරද වාර්තා විය. විශේෂයෙන්ම, උස් ස්ථානවල සිට සෙල්ෆී ගැනීමට ගොස් සිදුවූ අනතුරු ඒ අතර විය.