නෙබෙල් සම්මානලාභී විද්‍යාඥයෙකු ගැහැණුන් සම්බන්ධයෙන් පැවසූ ප්‍රසිද්ධ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, ගැහැණිය සම්බන්ධ මේ කතාව විද්‍යාත්මක කතාවක් මෙන්ම, එය තමන්ගේ අවංක අදහසක් බවද හෙතෙම පෙන්වා දෙයි.
සර් ටිම් හන්ට් දකුණු කොරියාවේ පැවති සම්මන්ත්‍රණයකදී පවසා ඇත්තේ ගැහැණියට දොස් නැඟුවොත් ඔවුන් හඬන බවයි. එමෙන්ම, ඔවුන් ක්ෂණයෙන් පිරිමින් වසඟයට ගන්නා බවත් ඔහු පවසා තිබේ.
භෞතික විද්‍යාව සම්බන්ධයෙන් 2001 වසරේදී නොබෙල් සම්මානයට පාත්‍ර වූ හන්ට් පවසා ඇත්තේ, "ගැහැණුන් සම්බන්ධයෙන් මට තියෙන ප්රශ්නය කිව්වොත්, ඔවුන් විද්‍යාගාරයක සිටින විට ප්‍රශ්න තුනක් හට ගන්නවා. ඔබ ඔවුන් සමග ආදරයෙන් බැඳෙන්න පුළුවන්. ඔවුන් ඔබ සමග ආදරයෙන් බැඳෙන්න පුළුවන්. ඒ වගේම, ඔබ ඔවුන්ට දොස් නැඟුවොත් ඔවුන් ඉකිගසමින් අඬනවා" යනුවෙනි.