ඉන්දියාවේ, සංග්ලි ප්‍රාදේශයේ ගබ්සා සිදුකරන ජාවාරම්කරුවන් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව එරට පොලීසිය පවසයි.
පොලීසිය පෙන්වාදෙන පරිදි එම ප්‍රදේශයේ රෝහලක් අසල තිබී ගබ්සා කරන ලද කාන්තා කළල 19ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස මෙම කලල හමුවී ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර මෙහෙයුම් සිදුකරයි.
ඉන්දියාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු පවසා සිටියේ මෙය අතිශය බිහිසුණු ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත්, එරට තුළ නීතිවිරෝධී ආකාරයට වෛද්‍යවරුන් කියා ගන්නා පිරිස් විසින් මෙවැනි ගබ්සා සිදුකරන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ඉන්දීය සමාජය තුළ වැඩි අවස්ථාව පිරිමි දරුවන්ට ලැබීම හේතුවෙන්ද ගැහැණු කලල විනාශ කිරීමේ ම්ලේච්ඡ සංස්කෘතියක්ද එරටට ආරෝපණය වී පවතී. මේ තත්ත්වය තුළ මවුකුස පිළිසිඳගත් ප්‍රසූත වීමට පෙර කළල පරීක්ෂා කිරීම තහනම් කරමින් ඉන්දියාව දැඩි නීති පනවා තිබේ.