ගැම්බියා මැතිවරණයෙන් පරාජයට පත් යහ්යා ජම්මේහ් බලය අත්නොහැර පාලනයේ රැඳී සිටීමට කටයුතු කළහොත් එරටට එරෙහිව දැඩි සම්බාධක පනවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්, ඇමෙරිකා එක්සත් ජනපදය සමග එක්ව එරට ආරක්ෂක අංශ වෙත බලපෑම් කර තිබුණේ වහාම ගැම්බියාවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ඉවත්වන ලෙසයි. එම කාර්යාලය අඟහරුවාදා දිනයේදී එරට ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබුණි.
එහිදී, අතිශය සංවේදී මැතිවරණ ලේඛනවලට හමුදා බලය යොදා යම් වෙනසක් කිරීමේ හැකියාවක් පවතින බව මැතිවරණය ජයග්‍රහණය කළ අදමේ බරොව් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා තිබුණේ රටේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හමුදාව කඩා පැනීම ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමක් බවයි. එමෙන්ම, රට තුළ සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් අසල්වාසී රටවල් කිහිපයක නායකයන් ගැම්බියාවට පැමිණ සිටි මොහොතක මෙවැන්නක් සිදුවීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ලක්වන කරුණක් බවද මූන් පවසා තිබේ.