ලොව පුරා සිදුවන ගැබ්ගැනීම් හතරකින් එකක් ගබ්සාවකින් කෙළවර වන බවත්, වාර්ෂිකව ලොව පුරා කැමැත්තෙන් සිදුවන ගබ්සාවන් සංඛ්‍යාව මිලියන 56ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් හෙළි කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන පරිදි වාර්ෂිකව සිදුවන මෙම ගබ්සාවන් මීට පෙර ඔවුන්ගේ පුරෝකථනයන්ට වඩා වැඩි බවද පවසා සිටියි.
එහිදී, ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වලද ගබ්සාවන් ඉහළ අගයක් ගෙන ඇති බවත්, එමෙන්ම, ලොව දුගී රාජ්‍යයන්හි සිදුවූ ගබ්සාවන් හි පසුගිය වසර 15ක කාලය තුළ අඩුවක් දක්නට නොලැබෙන බවත් එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
මේ තත්ත්වය පිටුදැකීම සඳහා සමාජ සාරධර්ම ඉස්මතු කිරීම මෙන්ම, ගැබ්ගැනීම් වළක්වන උපක්‍රම භාවිත කිරීම සඳහා සමාජය පෙළඹවීමේ අවශ්‍යතාවත් මතුව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.