ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක් ආරක්ෂක අංශ විසින් වටලා තිබූ බව පවසයි.
සතියක් පුරා සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමේ අරමුණින් මෙම වැටලීම සිදුකර ඇති අතර, මුද්‍රණයට සැලසුම් කර තිබූ පුවත්පත් කිහිපයක්ම වළක්වමින්, කේබල් රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරණ කටයුතු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
පසුගිය සතිය පුරා ඇවිලී ගිය ගැටුම්වලින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
බෙදුම්වාදී සටන්කාමියෙකු වූ බුර්හාන් වානිගේ ඝාතනයත් සමග මෙම ගැටුම් උත්සන්න වූ අතර, ආරක්ෂක අංශ හා පොලීසිය අතර ගැටුම්වලින් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.