ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ඇතිකිරීම වෙනුවෙන් බොහෝ ප්රයත්නයන් ගත්තත් දින 18ක් පුරා ක්‍රියාත්මක වූ සටන්වලින් මේ වනවිට ජීවිතක්ෂයට පත්වූ පිරිස 800 ඉක්මවා ඇති බව පැවසෙයි.
මේ සාම ක්‍රියාදාමය වෙනුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊජිප්තුවේදී එරට විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමග සාකච්ඡා පවත්වා ඇත්තේ කයිරෝ සමුළුවේදීය.
කෙසේ වෙතත් ගාසා තීරය වෙත ඊශ්‍රායල් ෂෙල් ප්‍රහාර හා ගුවන් ප්‍රහාර නොනැවත සිදුවන අතර, ඊශ්‍රායලය වෙතද අද උදෑසන සිටම හමාස් රොකට් ප්‍රහාර එල්ල විය.
දැනට ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 800ක් පමණත්, ඊශ්‍රායල් ජාතිකයන් 35ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පලස්තීන ජාතිකයන් අතර වැඩි පිරිස සාමාන්‍ය වැසියන්ය. එහිදී ඊශ්‍රායල් මරණ අතර 33ක් සොල්දාදුවන්ය.