ගාසා තීරයේදී පලස්තීන තරුණයන් හා ඊශ්‍රායල් හමුදා අතර ඇති වූ ගැටුම්වලින් හමුදාව එල්ල කරනලද ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට බලධාරීන් කරන ප්‍රකාශය අනුව ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටාරෙස් කටයුතු කර තිබේ.
පසුගිය සිකුරාදා ඇති වූ මෙම ගැටුම්වලින් තවත් පලස්තීන ජාතිකයන් සිය ගණනක් තුවාල ලබා ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
වර්ෂ 2014න් පසුව ගාසා තීරයේ ඇති වූ වඩාත් උණුසුම් හා දරුණුතම ගැටුම්කාරී තත්ත්වය සිකුරාදා දිනයේදී වාර්තා වී තිබුණි.
හදිසි තත්ත්වයක් යටතේ මෙවැනි ගටුම්කාරී තත්ත්වයක් ඇතිකර ගැනීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින්ද හෙළා දැක තිබේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී ටේයි බෘක් සෙරිහෝන් පවසා සිටියේ ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙනු ඇති බවයි.