ග්‍රීසියේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා පැවැත්වූ පාර්ලිමේන්තු විවාදයක් අතරවාරයේදී පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයන්ට පොලීසියෙන් පහරදී තිබේ.
මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ එරට සේවකයන්ට දැඩි නීති යටතේ සේවය කිරීමට සිදුවනු ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා නගති.
එරට වෘත්තීය සමිති සන්ධානය ඇතන්ස් නුවරදී මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ඊට 10,000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
කෙසේ වෙතත්, උද්ඝෝෂකයන් ක්‍රමයෙන් කලහකාරී වීමත් සමග පොලීසිය කඳුළුගෑස් සහ බැටන් ප්‍රහාර ආරම්භ කළ අතර, එම ප්‍රහාරවලින් උද්ඝෝෂකයන් පිරිසක් තුවාල ලබා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.