ග්‍රීසිය වර්තමානයේදී මුහුණදී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් වූ එරට ඓතිහාසික ජනමත විචාරණය අද ඇරඹෙයි.
මේ වෙනුවෙන් ඊයේ දිනයේදී එරට ඇතන්ස් නුවර දැවැන්ත මහජන රැළි ගණනාවක්ම පවත්වා තිබුණි.
ණය අර්බුදයකට ලක්ව ඇති ග්‍රීසිය වෙනුවෙන් වූ මූල්‍ය සහායේදී ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට නැත යනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස අගමැති ඇලෙක්සිස් සිප්රාස් පවසා ඇති අතර, ඊට පක්ෂව දැවැන්ත රැලියක් සංවිධානය කෙරිණි.
මේ අතර තවත් දැවැන්ත රැලියක් සංවිධානය වෙමින් පැවසුණේ ග්‍රීසිය නැත යනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහොත් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ගැලවී යාමේ විශාල අවදානමක් පවතින බවයි.
ග්‍රීසිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ පසුගිය අඟහරුවාදා ඇණහිටි අතර, මේ වනවිට බංකොලොත් බැංකු රැසක් වසා දමා ඇති අතර, දැනට ක්‍රියාත්මක බැංකු කිහිපයේ පවා මුදල් ආපසු ගැනීම සීමා කර ඇත.