ග්‍රීසිය වෙත මේ වසරේදී පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන භාගයක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මෙසේ පැමිණි සංක්‍රමණික සංඛ්‍යාව දිනකට 8,000ක සාමාන්‍යයක් පෙන්නුම් කරන බවයි.
මෙසේ ග්‍රීසියට පැමිණි සංක්‍රමණිකයන් එරට උතුරුදිග දේශසීමා හරහා ජර්මනිය ප්රමුඛ යුරෝපා රටවලට පැමිණීමට පැමිණියත් මේ වනවිට බොහෝ බෝල්කන් රාජ්‍යයන් සිය දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔවුන් දැඩි සීතලෙන් පීඩා විඳින බවද කියැවෙයි.
හංගේරියාව මෙසේ සිය දේශසීමා වසා දැමීමත් සමග ක්‍රොඒෂියාව හා ස්ලොවේනියාවද සිය දේශසීමා තර කරනු දක්නට ලැබුණි. නමුත්, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් යම් මානුෂීය මුහුණුවරක් පෙන්වමින් ඊයේ දිනයේදී ක්‍රොඒෂියාව සිය දේශසීමා ලිහිල් කළ බවද විදෙස් වාර්තා පවසයි.