ණය උගුලක සිරිවී සිටින ග්‍රීසිය යුරෝපා කලාපය තුළ රඳවා ගැනීමේ උත්සාහය තුළ යුරෝපා සංගමයේ බෙදීමක් ඇති කර නොගන්නා ලෙස ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස් කලාපයේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා පවසා සිටියේ, අපි යුරෝපයෙ බෙදීමක් ඇති වීම වළක්මු කියාය.
කෙසේ වෙතත්, එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත යුරෝපා සංගමයේ ප්‍රධාන රැස්වීමට පෙර ග්‍රීසිය විසින් හෙට දිනයේදී සිය ණය හිමියන් වෙත නව යෝජනා මාලාවක් ඉදිරිපත් කළ යුතුය.
එහිදී, අගමැතිවරයා කියා සිටියේ මෙම නව යෝජනා සකස් වෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබාදිය නොහැකි බවද හෙතෙම පවසා තිබේ.
මෙවැනි අපහසු කාල පරිච්ඡේදයක වුවද ඉදිරි දින කිහිපයේදී ග්‍රීක රජයට ඒ අභියෝගයන් ජයගැනීමට අවශ්‍ය ශක්තිය ඇතැයි තමා විශ්වාස කරන බව අගමැතිවරයා පවසයි.