එළැඹෙන සති කිහිපය වනවිට යුරෝපයට ඇතුළු වීමට නොහැකිව ග්‍රීසිය තුළ සිරවන අනවසර සංක්‍රමණිකයන් ප්‍රමාණය 70,000 ඉක්මවනු ඇති බව එරට සංක්‍රමණ අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, නේටෝ සංවිධානය විසින් මෙම සංක්‍රමණිකයන් රැගෙන එන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වීමත් සමග මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් ඉදිරියේදී විශාල ලෙස අඩුකර ගත හැකි බවද විදෙස් වාර්තා පවසයි.
මැදපෙරදිග හා ආසන්න කලාපයේ යුද තත්ත්වයන් හේතුවෙන් යුරෝපය වෙත ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ට ඒ සඳහා වඩාත් පහසුම ප්‍රවේශ මාර්ගය ග්‍රීසිය හරහා වැටී තිබේ.
කෙසේ වෙතත්, මහා ගංගාවක් ලෙස ඇදී එන සංක්‍රමණිකයන් සිය රටවලට ඇතුල් කරගැනීම වළක්වමින් බෝල්කන් රාජ්‍යයන් සිය දේශසීමා වසා දැමීමට කටයුතු කිරීම තුළ දින 10කට ආසන්න කාලයක් තුළ දහස් ගණන් සංක්රමණිකයෝ ග්‍රීසියේ සිරවී සිටිති.
මේ වනවිටත් 25,000කට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් ග්‍රීසියේ රැඳී සිටින බව එරට සංක්‍රමණික අමාත්‍යාංශය පවසයි.