ග්‍රීක රජය විසින් පොරොන්දු වූ පරිදි සඳුදා වනවිට තම රටට ණය සැපයුවන් වෙත ඉදිරිපත් කිරීම සඳහා මූල්‍ය ප්රතිසංවිධාන ලැයිස්තුවක කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජාත්‍යන්තර සහනාධාර තවත් මාස හතරක කාලයකින් දීර්ඝ කරගැනීමේ අනිවාර්යය අවශ්‍යතාවයක් ලෙස මෙම ප්රතිසංවිධාන කිරීමට ඔවුන් බැඳී සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ප්රතිසංවිධාන ලැයිස්තුවට ණය සැපයූවන්ගේ අනුමැතිය ලැබීම මත අනාගත ගනුදෙනු තීරණය වන බවද සඳහන් වෙයි.
බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙන ග්‍රීක ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳ සාකච්ඡාවලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා පියවර රැසක් ගෙන තිබුණත්, පවතින ණය ආධාර රැකගැනීමට නම් ඇතැන්ස් හි නව රජයක් නිර්මාණය විය යුතුය යන ජර්මනියේ බලාපොරොත්තුව ඵල දරා ඇති බවද පෙන්වා දෙයි.
ඒ අනුව, ලබන සතිය වනවිට ග්‍රීසියේ මූල්‍ය සම්පත් සිඳීයාමේ අවදානම මේ වනවිට පහව ගොස් ඇති හෙයින් වෙළෙඳ පොළට යම් තරමක සහනයක් ඇතිවී තිබෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.