ග්‍රීසියේ මහ මැතිවරණය අද (26දා) පැවැත්වෙන අතර, ජනතාව උන්නදුවෙන් ඡන්දපොළ කරා පැමිණෙන ආකාරය දැකගත හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණයෙන් වාමාංශික සයිරීසා පක්ෂයේ නායක ඇලෙක්සි සිප්රාස් වෙත වැඩි ජයග්‍රහණ අවස්ථාවක් පවතින බව පූර්ව මැතිවරණ පුරෝකථනවලින් පෙන්නුම් කෙරිණි.
කෙසේ වෙතත් වත්මන් ග්‍රීක අග්‍රාමාත්‍ය ඇන්තෝනිස් සමාරාස් පවසන්නෙ තම රටේ පවතින ලුහුපෙවත වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක වෙමින් පවතින බවයි.
රට තවත් අගාධයකට යෑම වැළැක්වීම සඳහා තමා වෙත ඡන්දය දෙන ලෙස ඔහු කියා සිටියි.