ග්‍රීක මහ මැතිවරණයට දින තුනක් තිබියදී පූර්ව මැතිවරණ දත්ත අනුව ග්‍රීක වාමාංශික පක්ෂය වන සිරීසා පක්ෂය ඉදිරියට පැමිණ තිබීමෙන් තම රට ජාතික අපවාදයකින් බේරී ඇති බව එම පක්ෂයේ නායකයා අවධාරණය කරයි.
රට තුළ පවතින දුර්වල ප්‍රතිපත්ති අවසන් කර රට සංවර්ධනය කරා ඔසවා තැබීම වෙනුවෙන් තමන් වෙත ඡන්දය ලබාදෙන ලෙසද ඇලෙක්සිස් සිප්රාස් නමැති ඔහු පවසයි.
රටේ අයවැය හිඟය පියවීම සඳහා වූ වත්මන් ගිවිසුමෙන් පසු රටේ ජාත්‍යන්තර ණයවලින් අඩක් කපා දැමෙන බවත් ඔහු අවධාරණය කළේය.
රට තුළ පැවති දැවැන්ත අයවැය හිඟය පියවීම වෙනුවෙන් ග්‍රීසිය මේ වනවිට දරුණු අයවැය කප්පාදුව අවසන් කරමින් සිටියි.