ග්‍රීක අගමැති ඇන්තෝනිස් සමාරාස් හෙට පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් සිය අවසන් පණිවුඩය ජනතාව වෙත ලබාදෙමින් ඔවුන් සමග තරග වදින වාමාංශික සයිරීසා පක්ෂය පරාජය කරන ලෙස ඉල්ලා තිබේ.
වසර ගණනාවක් පැවති කඩා වැටීම් හමුවේ ආර්ථිකය සුබවාදී ගමනකට නැඹුරු වී ඇති අවස්ථාවක ආණ්ඩු පෙරළියක් අවශ්‍ය නොවන බව සමාරාස් පවසා තිබේ.
මේ අතර, සයිරීසා නායක ඇලෙක්සි සයිප්රාස් පවසා සිටින්නේ තම රජයක් යටතේ ග්‍රීසියට යළි දෙපයින් නැගී සිටීමට හැකි ආර්ථිකයක් ගොඩනගන බවයි.
මේ වනවිට හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා සියල්ල සූදානම් බව එරට මැතිවරණ කාර්යාලය පවසන අතර, පූර්ව මැතිවරණ පුරෝකථනයන්ට අනුව වාමාංශිකයන්ට වැඩි අවස්ථාවක් ඇති බව කියවුණි.