අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත්, ඉක්මනින් මැතිවරණයක් කැඳවන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ඇලෙක්සි සිප්රාස් නිවේදනය කරයි.
පසුගිය ජනවාරි මාසයේදී තේරීපත් වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ යුරෝපීය ණයදෙන ආයතනවලින් ණය ලබාගැනීමේ තෙවැනි එකඟත්වය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් මැතිවරණයකට යෑමේ සදාචාරාත්මක වගකීමක් තමාට පැවරෙන බවයි.
මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ නිල සඳහනක් නොවූවත්, එය බොහෝ විට සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වෙනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙම මැතිවරණයේදී සිප්රාස් සිය වාමාංශික සයිරීසා පක්ෂය මැතිවරණයට මෙහෙයවූවත්, පසුගිය කාලය තුළ රට මුහුණදුන් අභියෝග හමුවේ පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගෙන් පවා ඔහුට විරෝධතා එල්ල වී තිබේ.
එහිදී, ගිසියේ ණය අර්බුදය විසඳා ගැනීම සඳහා එරට විශ්‍රාම අරමුදල් කප්පාදුව ආදී ජනතා විරෝධයක් පැනනගින ප්‍රතිසංස්කරණ රැසකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇති බවද විචාරකයෝ පවසති.