ගෝතමාලාවේ ෆ්යුගෝ ගිනි කන්ද විදාරණය වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට ගෝතමාලා සිටි අගනගරයට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගිනි කන්ද විදාරණයත් සමග පාෂාණ කැබලි, කළු දුමාරයක් සහ යමහල් අළු අහසට විදිමින් පවතින බව සඳහන් වෙයි.
එරට ජාතික ආපදා මධ්‍යස්ථානය පවසන්නේ ලාවා ගංගාවක් මේ වනවිටත් එල් රෝඩිඕ ගම්මානය වෙත ගලාවිත් නිවාස හා ඒ තුළ සිටි මිනිසුන් පණ පිටින් දවා ඇති බවයි.
මෙම ගිනි කඳු විදාරණයත් සමග ගෝතමාලා සිටි නගරයේ පිහිටි ලා අවුරෝරා ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර ජනාධිපති ජිම්මි මොරාලෙස් පවසා සිටියේ ජාතික හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
1974 වසරින් පසුව ගෝතමාලාවේ මෙම ගිනි කන්ද ආශ්‍රිතව ඇති වූ දරුණුම විදාරණය ලෙස මෙය සැලකෙයි.