ග්වතමාලාවේ නායයෑමට ගොදුරු වූ පිරිසෙන් අතුරුදන් වූවන් ජීවතුන් අතර සිටිය හැකි බවට තවදුරටත් විශ්වාසයක් නොමැති බව එරට බලධාරීහු පවසති.
ග්වතමාලාවේ අගනුවරට ආසන්න කැම්බ්රේ ගම්මානයේ සිදුවූ මෙම නායයෑමට ගොදුරු වූ පිරිස් සෙවීමට සහන සේවකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර, මේ වනවිට මියගිය පිරිස 131 දක්වා ඉහළ ගොස් තිබුණි.
මේ අතර, තවත් 300කට අධික පිරිසක් අතුරුදන්ව සිටි බවද කියැවෙයි.
එහිදී, පස්වලින් වැසී තිබූ ඇතැම් නිවෙස් සොයා ගන්නා විට ඒවා ජල තට්ටුවකින්ද පිරී පැවති බව ඔවුහු පවසති.
අධික වාර්ෂාවත් සමග අසල වූ කන්දකින් විශාල පස් තට්ටුවක් සේදී පැමිණීමෙන් අක්කර කිහිපයක භූමි භාගයක් සම්පූර්ණයෙන්ම යට වූ බවත්, ඒ සමගම විශාල ජල ධාරාවක්ද පැමිණි බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.