ඉන්දියාවේ රාජස්ථාන් ප්රාන්තයේ ගවයන් ප්රවාහනය කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසකට සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා වාහන තුනකින් මොවුන් ගවයන් ප්රවාහනය කරමින් සිටියදී මෙම පහරදීමට ලක්ව ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් පස් දෙනාගෙන් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මෙසේ මරණයට පත්ව තිබේ.
ඉන්දියාවේ හින්දු ජනයා ගවයා දේවත්වයෙන් සලකද්දී, මුස්ලිම් ජනයා ගවයන් මස් පිණිස ඝාතනය කිරීම තුළ මෙම අර්බුදය හටගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉන්දියාවේ ප්රාන්ත රැසක මේ වනවිට ගවයන් මැරීම නීතියෙන් තහනම් වන අතර, මෙම සිද්ධිය සිදුවූ රාජස්ථානයද එම නීතියට යටත් ප්රාන්තයකි.