විවාහ බැඳීමකින් තොරව කුසට දරුවෙකු පිළිසිඳගත් කාන්තාවක ගල්ගසා මරා දැමිය යුතු බවට මාලදිවයින් අධිකරණයක් ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ එම නඩු තීන්දුව නීතියෙන් පිට ලබාදුන් එකක් බවයි.
මේ ආකාරයෙන් අසම්මත ආදරයන්ට එරෙහිව නීති පැනවීමට මාලදිවයින් දූපත් රාජ්‍යය මීට පෙර කටයුතු යොදා තිබුණි.
කෙසේ වෙතත්, අදාළ කාන්තාවට ලබාදුන් තීන්දුව සමාජජාලවල දැඩිව විවේචනය වීමත් සමග එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදී මෙම කාන්තාවට සාධාරණයක් ඉටුවී ඇති බව කියැවෙයි.