ලිබියාවේ හිටපු පාලක මුවම්මර් ගඩාෆි බාලවයස්කාර දරු දැරියන් අපහරණයට ලක් කිරීම සඳහා යොදාගත් බවට සැලකෙන නිදන කාමරයක විස්තර පසුගියදා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණා.
ඔවුන් මෙය හඳුන්වන්නේ ගඩාෆිගේ 'ලිංගික ඇඳිරිගෙය' ලෙසටයි. මුවම්මර් ගඩාෆිගේ වසර 42 ක ඒකාධිපති පාලන කාලය තුළදී බොහෝ පිරිසක් වධබන්ධනයට ලක්ව ඔහුගේ ලිංගික වහලුන් ලෙස සිටි බවට තොරතුරු ගෙවුනු කාලය පුරාවටම අසන්නට ලැබී තිබෙනවා. 2011 ඔක්තෝබරයේ එරට මහාමාර්ගයක් මතදී උද්ඝෝෂකයන්ගේ වෙඩි පහරකින් මුවම්මර් ගඩාෆි මරණයට පත්කර වසර දෙකක් ගත වී තිබුණත් අදටත් ලිබියානුවන් බොහෝ පිරිසක් මේ ක්‍රෑර පාලකයාගේ සැහැසිකම් නිසා බියට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහු සිදුකළ මෙම බාල වයස්කාර අපයෝජන සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වෙන්නේ ඒ අතරතුරදීමයි.
මෙහිදී ප්‍රසිද්ධියට පත් කෙරුණු නිදන කාමරය වඩාත් සුවපහසුවෙන් යුක්තව, 70 දශකයේ තිබු ගෘහ නිර්මාණ මෝස්තර උපයෝගී කරගෙන නිර්මාණය කරවූවක්. එහිදී ගඩාෆි අතින් බහුලවම අපහරණයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 14 ට අඩු ගැහැණු ළමුන් බව පැවසෙනවා. ඔවුන් බොහෝ පිරිසක්ම කන්‍යාවියන්. මීට අමතරව පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සිටි දැරියන්ද බලහත්කාරයෙන් මෙහි රැගෙන ආ බවත් සඳහන් කෙරෙනවා. එවැනි අධ්‍යාපන ආයතනවල පැවැත්වෙන උත්සව සඳහා සහභාගි වෙන ගඩාෆි තමුන්ගේ සිත් ගත් තරුණිය පිළිබඳව ආරක්ෂකයින්ට දන්වන්නේ සිහ හිස වැනීමෙන් යැයි සඳහන් වෙනවා. ඔහුගේ ආරක්ෂකයින් ලෙසට සිටියේද හමුදා පුහුණුව ලැබූ තරුණියන් පිරිසක්. ඒ තනතුර සඳහාද සුදුසුකම කන්යාවියකවීම බව පැවසෙනවා. මෙලෙස මෙම 'ලිංගික ඇඳිරිගෙය' වෙත රැගෙන එන බාලවයස්කරැවන්ට සජීවීව හෝ වීඩියෝ ගත කළ හෝ ලිංගික දර්ශන පෙන්වා ඔවුන්ට ඒ පිළිබඳ අධ්‍යාපනයක්ද ලබා දුන් බව කියැවෙනවා.
එසේම ඔවුන් ගඩාෆි වෙත ඉදිරිපත් කිරීම පෙර වෛද්යපරීක්ෂණවලට ලක්කෙරෙන බවත් සඳහන් වෙනවා. ඒ සඳහා යොදාගත් උපකරණ සහිත වෛද්‍ය කාමරයක්ද මෙම ගොඩනැගිල්ල තුළ තිබී සොයාගෙන තිබෙනවා. වසර ගණනාවක්ම ගඩාෆිගේ ලිංගික වහලුන් බවට පත්ව සිටි තරුණියන් බොහෝ පිරිසක් ගඩාෆිගේ මරණයෙන් පසුව තමන් විඳි දුක් ඇතුළුව මේ තොරතුරු විදෙස් මාධ්‍ය වෙත එළිදරව් කර තිබෙනවා. මෙම ස්ථාන සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ඒ අනුවයි.